
Published on February 26, 2026, 01:25 PM
කණ්ඩායමේ ඉන්නේ ලංකාවේ හොඳම පිතිකරුවන් බවත් කිසිවෙක් ඇවැති බලෙන් ක්‍රිකට් ක්‍රීඩා නොකරන බවත්ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පැවැසීය. ඊයේ තරගයෙන් අනතුරව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය.
"පිච්එක අලුත් එකක් අපි හිතුවේ නෑ මෙච්චර කැපෙයි කියලා. ටොස් එක දිනලා බැට් කරන්න අපි සාමූහික තීරණයක් ගත්තේලොකු කනගාටුවක් තියෙනවා. එංගලන්ත තරගය අපිට ජය ගන්න තිබුණා. ප්‍රේක්ෂකයන්ට මට කියන්න දෙයක් නෑ ඇත්තටම. අ
පි ඔවුන්ට සතුටු වෙන්න පුළුවන් දෙයක් දීලා නෑ. තව එක තරගයක් තියෙනවා. තරගාවලිය හොඳින් ඉවරකරන්න අපි බලාපොරොත්තු වෙනවා. විකට් සෑහෙන්න හොඳ වෙයි කියලා හිතුවා. ලංකාවේ හොඳම පිතිකරුවෝ ටික තමයි ඉන්නේ.
මෙතන කවුරුත් ඇවිත්බලෙන් ක්‍රිකට් ගහන්නේ නෑ. අපිටත් ඕන රටට දෙයක් දෙන්න. ගොඩක් දුකයි වෙච්ච දේට. අපිට ඕන කන්ඩිෂන් ලැබෙන්නේ නෑ. නොහිතන පොඩි දේවල් වලින් අපි තරග පැරදෙනවා.ශාරීරික යෝග්‍යතාවය මම හිතන්නේ නෑ හොඳින් තියෙනවා කියලා.
ගොඩක් වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන්නෙත් නෙගටිව් දේවල්. එළියෙන් ගොඩක් තැන්වන නෙගටිව් පරිසරයක් නිර්මාණය කරලා තියෙන්නේ. මේ ක්‍රීඩාව විතරයි තියෙන්නේ. මම හිතන්නේ නෑ ඒකත් රැකගන්න පුළුවන් වෙයි කියලා.
හරි ලෝක කුසලානයක් පැරදුනා. හේතු අපි දන්නවා. ඒවා කථා කරලා හොඳ පැත්තට හරවා ගන්නවා වෙනුවට සෘණාත්මක දේ කියන ඒක සෑහෙන ඉදිරියට ඇවිත් තියනවා. අපි යයි රජය මැදිහත්වෙලා හරි මේ දේවල් නැවැත්තුවහොත් ඉදිරියට එන ක්‍රිඩකයන්ට හරි මානසික සුවයට වැදගත් වේවි."