දුරකතනය බැලූ දියණිය පියාගේ කැති පහරින් මරුට

Published on January 31, 2026, 06:00 PM

ඌරගස්මංහන්දිය ,කුඩා ඌරගහ ඉනිමංකඩ ප්‍රදේශයේදී  ඊයේ (30)රෑ  පියා විසින් ගෙලට එල්ල කරන ලද කැති පහරකින් දියණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.

මේ අනතුරින් මිය ගොස් ඇත්තේ කරන්දෙණියේ පාසලක නමය වසරේ ඉගෙනුම ලබන දුල්මි සමායා සත්සරනී නමැති පහළොස් හැවිරිදි දියණියකි.

දියණියගේ මව විදෙස්ගතව ඇති බවත් ඇය ඊයේ(30)රෑ  නින්දට යන බව පවසා කාමරයේ ඇඳේ කොට්ටයට සඟවා තබාගෙන සිටි ජංගම දුරකතනයක් ඔබ ඔබා සිටිනු දැක එයට උරණවී පියා විසින් දියණියේ ගෙලට කුරුඳු කපන කැත්තෙන්  එල්ල කරන පහරකින් ඇය බරපතල තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කළ බවත් ඇල්පිටිය රෝහලේදී ඇය මිය ගිය බවත් පොලීසිය කියයි.දුව ඝාතනය කළ  පියා ඊයේ (30)රෑ අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post