අතිශය දුර්ලභ කළු කඳුකර කොටියෙක් තේ වත්තක මිය යයි

අතිශය දුර්ලභ කළු කඳුකර කොටියෙක් තේ වත්තක මිය යයි

Published on January 29, 2026, 10:43 AM

නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ වත්තේ තිබි කදුකර කළු කොටි පැටවෙකුගේ සිරුරක් (29) දින හමුවූ බව නල්ලතන්නි පොලිසියේ ස්ථානාධිපති ආර්.නිරෝෂන් මහතා පැවසීය.

එම වතුයායේ වතු කම්කරුවන් විසින් තේ වත්තේ මිය ගොස් සිටි කදුකර කළු කොටි පැටවෙකුගේ සිරුරක් ඇති බවට පොලිසිය වෙත ලබා දුන් තොරතුරක් මත ඒ පිලිබදව නල්ලතන්නිය වන ජීවි කාර්යාලයේ නිළධාරින් දැනුවත් කිරිමට පියවර ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

දින කිහිපයකට ප්‍රථම මිය ගොස් ඇති කදුකර කොටියා වාහනයක ගැටී තුවාල ලබා මිය යන්නට ඇති බව නල්ලතන්නි වන ජීවි කාර්යාලයේ නිළධාරින් සැකකරයි.

මිය ගිය කදුකර කොටියාගේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් රැගෙන සිරුර පෂ්චාත් මරණ පරික්ෂණය සදහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යන බවද නල්ලතන්න වන ජීවි කාර්යාලයේ නිළධාරින් පැවසිය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post