බලපත්‍ර නැති වයින් නිශ්පාදනාගාරයක් තණමල්විලදී වටලයි

බලපත්‍ර නැති වයින් නිශ්පාදනාගාරයක් තණමල්විලදී වටලයි

Published on January 29, 2026, 02:31 PM

තණමල්විල 19 කණුව ප්‍රදේශයේදී බලපත්‍ර ලබා නොගෙන, දේශිය හා විදේශීය වෙළඳපොළට සැපයීම සඳහා වයින් නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක් සොයා ගැනීමට 28 වැනිදා දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම සමත් විය.

එහිදී නිෂ්පාදනය කරන ලද වයින් බෝතල් ඇතුළු නිෂ්පාදනයට සූදානම් කර තිබූ විවිධ වයින් වර්ග මිලි ලීටර් 7,25,000 ක් පමණ අඩංගු භාජන (පීප්ප) හතරක් නිෂ්පාදනාගාරය තුල තිබී සොයා ගැනීමට හැකි වී ඇත.

මෙම නිෂ්පාදනාගාරය සඳහා වයින් නිෂ්පාදන බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම් කර ඇතත්, නිසි පරිදි නීත්‍යානුකූල අවශ්‍යතා සම්පූර්ණ කර නොතිබීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍රයක් නිකුත් කර නොමැතිව තිබියදීත් මෙම වයින් නිෂ්පාදනාගාරය රහසිගතව සිදුකරගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.

එබැවින් මෙම වයින් නිෂ්පාදනයට උපයෝගී කරගන්නා යන්ත්‍ර සූත්‍ර, සාක්ෂි භාණ්ඩ ඇතුළු නිෂ්පාදනාගාරය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝගය පරිදි මුද්‍රා තබා ඇත.

එම නිෂ්පාදනාගාරයේ හිමිකරු ඉදිරි දිනයකදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම වැටලීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ.පේමරත්න මහතාගේ නියෝගය පරිදි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) තිස්ස රාජපක්ෂ සහ සුරාබදු අධිකාරි (දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය) පී.හේමන්ත යන මහතුන්ගේ උපදෙස් පරිදි සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක ලක්මාල් සේනානායක, සුරාබදු කෝප්‍රල්වරුන් වන ඩී.එස්.ජීවන්ත (1158), ගිහාන් සේනාරත්න (1189), සුරාබදු නියාමක කේ.එම්.සී.පී.කුමාර (1176), සුරාබදු නියාමක රියදුරු සුපුන් කුමාර යන නිලධාරීන් සහභාගී විය.

ඉඹුල්ගොඩ - එම්.ඩී.එස්.ගුණතිලක

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post