කාලිංග සරසවියෙන් ආරාධනා කරලා තිබුණේ විශේෂ දේශනයකට

කාලිංග සරසවියෙන් ආරාධනා කරලා තිබුණේ විශේෂ දේශනයකට

Published on January 30, 2026, 09:41 AM

"ආණ්ඩුවේ වංචාවල් වහගන්න ගල් අඟුරු වංචාව වහගන්න  කන්ටේනර් පන්නපුව වහගන්න අපිව අධිකරණෙට කැදවලා ඵලක් වෙන්නෙ නෑ" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (29දා) මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවෙදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

"කාලිංග විශ්ව විද්‍යාලයෙන්  මට ආරාධනා කරලා තිබුණා විශේෂ දේශනයකට ඉන්දියානු ජනරජ දිනයේදී. ඉතින් මමත් අපේ මන්ත්‍රී කණ්ඩායමක් විශ්ව විද්‍යාලයට සම්බන්ධ වෙලා දේශනය කරලා ආවා. ඉතින් මෙහේ සමහර අය කලබල වෙලා යම්කිසි කෙනෙක්ට දේශනයක් දෙන්න විශ්ව විද්‍යාලයකට ආරාධනා කරාම කලබල වෙන්න ඕන නෑ.

ඒ නිසා ඉතින් ඒ අයට කියන්න ඕන මේක පළවෙනි දේශනයක් නෙවෙයි තව ඉස්සරහට  තව යන්නත් තියෙනවා. මට ලැබෙන පිළිගැනීමද, තවත් කෙනෙක්ට ලැබෙන පිළිගැනීමද හොයනවට  වඩා ආණ්ඩුව ආපු කාරණය කරගන්න බැරි උන නිසා තමයි කලබල වෙලා තියෙන්නේ. මේ අය ආවේ රටේ ජනතාවට සේවය කරන්න සහ මේ සිස්ටම් එක වෙනස් කරන්න. ඉතින් තිබුනටත් වඩා සිස්ටම් එක පස්සට ඇදගෙන යන ගමන් මේ සම්පූර්ණ සිස්ටම් එක විනාශ කරගෙන යන තැනට මේ ආණ්ඩුව කටයුතු කරනවා.

ඒ නිසා තමයි මට දැනෙන්නේ මේ අය කලබල වෙලා තියෙන්නේ කියලා. මොකද ඒ අයටත් දැනෙනවා ඇති දැන් ටික ටික සමාජය තුළින් රට තුළින් තමන්ට විරෝධයක් එල්ල වෙන කියන කාරණය ගැන. ඔව් දැන් මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුව ඇතුළම එක්තරා ඇමතිවරයෙක් නැගිටලා කිව්වනේ ජනවාරි මාස හිරේ දානවා කියලා. පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යවරයෙක් ඉස්සරහ පේලියේ නැගිටලා කිව්වා ජනවාරි මාසෙ බලාගමු හිරේ දානවා කියලා අවශ්‍ය කැඳවීම වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මට කණගාටුයි. අන්දරේ රජවෙලා . අද  රජ අන්දරේ කෙනෙක් වෙලා ඉන්නකොට පැලවත්තෙන් පත් කරපු පොලිස්පතිවරයා රටේ පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දන්නේ නෑ."

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post