විදුලි සැර වැඳුණ පුද්ගලයෙක් බේරා ගැනිමට ගිය කාන්තාවකුත් මරුට

විදුලි සැර වැඳුණ පුද්ගලයෙක් බේරා ගැනිමට ගිය කාන්තාවකුත් මරුට

Published on January 30, 2026, 08:49 AM

2026.01.29 දින උදෑසන කරදියනාරු, පුලියාවේලි ප්‍රදේශයේදී පුද්ගලයෙකුට හා කාන්තාවකට විදුලි සැර වැදීම හේතුවෙන් මියගොස් සිටින බවට කරදියනාරු පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු  අවුරුදු 47 ක් වූ පංකුඩාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මරණකාරිය අවුරුදු 48 ක් වූ ඒරාවුර් ප්‍රදේශයේ පදිංචිකාරියකි.

කුඹුරු ආරක්ෂාව සඳහා අනවසරයෙන් යොදවා ඇති විදුලි රැහැනක පිරිමි පුද්ගලයා ගැටී ඇති අතර එම පුද්ගලයා බේරා ගැනීමට ගිය කාන්තාවටද විදුලි සැර වැදී ඇති බවට දැනට සිදු කරනු ලබන විමර්ශනයේදි අනාවරණය වී ඇත. කරදියනාරු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post