
Published on January 27, 2026, 02:46 PM
මූලික වැටුප් වැඩිවිමක් සිදුකර ඇති අවස්ථාවක තම ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් හා අහින්සක රෝගින් ප්‍රාණ ඇපයට තබාගනිමින් වෛද්‍යවරුන් පිරිසක් වැඩ වර්ජනයක් සිදු කිරීම කිසි සේත්ම සාධාරණ නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු ඳසහන් කළේ දිත්වා සුළි කුණාටුවෙන් රුපියල් බිලියන 1200 ක පමණ හානියක් සිදුව ඇති අවස්ථාවක මේ වසරේදී වැටුප් වැඩිවීම නියමිත පරිදි සිදු කළ බවයි.