නව රෙගුලාසියට ගුවන් ගමන් පාලකවරුන්ගේ අප්‍රසාදය

නව රෙගුලාසියට ගුවන් ගමන් පාලකවරුන්ගේ අප්‍රසාදය

Published on December 31, 2025, 08:12 PM

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එළඹෙන 2026 වසරේ ජනවාරි මස 01 දින සිට ශ්‍රී ලංකා ගුවන් ගමන් පාළකවරුන් වෙත ක්‍රියාත්මක කරන ලෙස දැනුවත් කර ඇති අයි.එස්.- 96 (I.S.- 96 ) රෙගුලාසිය පිළිබදව , ශ්‍රී ලංකා ගුවන් ගමන් පාළකවරුන්ගේ සංගමය සිය අප්‍රසාදය පළ කර සිටී .

මෙම රෙගුලාසිය මගින් ඔවුන් සේවය කළ යුතු සේවා කාළය පිළිබද නිර්දේශ ඉදිරිපත් කර තිබේ .  ඒ අනුව මෙතෙක් දහවල් සේවා මුරය පැය 08 ක් ලෙසත් රාත්‍රී සේවා මුරය පැය 16 ක් ලෙසත් ක්‍රියාත්මක වෙමින් පැවති සේවා මුර 02 වෙනසකට ලක් වී තිබේ .

ඒ අනුව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිර්දේශ මත මෙම නව සේවා මුරය දිනකට පැය 08 බැගින් වූ සේවා මුර 03 ක් ලෙස ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුම් දී තිබේ .

මෙම නිර්දේශය 12/30 දින තමන් වෙත ඉදිරිපත් කර ඇති අතර , එය දින දෙකකට පසුව , එනම් ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දීම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිර්දේශ වලට පටහැනි බවත් , මෙවැනි සුවිශාල වෙනස් කිරීමක් පිළිබද දැනුවත් කිරීම , ක්‍රියාත්මක කිරීමට යෝජිත දිනට දින 20 කට පෙර අදාල රටේ ගුවන් ගමන් පාළකවරුන් වෙත දැනුම් දිය යුතු බවට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිර්දේශය බව ද ශ්‍රී ලංකා ගුවන් ගමන් පාළකවරුන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිති.

දැනටමත් ගුවන් ගමන් පාළකවරුන් තම සේවා මුරය අතර පැය දෙකකට වරක් තම විඩාව , මානසික ආතතිය ( Fatigue ) මග හරවා ගැනීම සදහා කෙටි විවේක කාළයන් භාවිතා කරන බවත් , මෙම නව නිර්දේශ වෙත අනුගත වීමට තමන්ට සාධාරණ කාළයක් අවශ්‍ය බවත් , මේ නිසා තමන් සමාජීය සහ ආර්ථික දුෂ්කරතා රැසකට ලක් වන බවත් එම සංගමය ප්‍රකාශ කර සිටිති .

තම වෘත්තිය යහපත් මට්ටමින් පවත්වා ගෙන යාමට ගුවන් ගමන් පාළකවරුන් 160 දෙනෙකු  අවශ්‍ය වන අතර , එහෙත් දැනට සිටින්නේ 101 දෙනෙකු පමණක් බවත් , ඒ පිරිස අතරින් 40% ක් කාන්තාවන් බවත් , ඔවුන් රාත්‍රී 11.00 ට පමණ සිය සේවා මුරය නිම කර සිය නිවෙස් වෙත යාම සහ අලුයම 06.00 ට සේවා සදහා වාර්තා කිරීම වැනි සිදුවීම් සමග ගුවන් ගමන් පාළකවරුන්ගේ මානසික ආතතිය වැඩි කිරීමට  මෙන්ම ඔවුන් අලුත් සමාජ ආර්ථික දුෂ්කරතා සමූහයකට ඇද දැමීමක් බව ද ශ්‍රී ලංකා ගුවන් ගමන් පාළකවරුන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙති .

මේ පිළිබදව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරී දමිත් රඹුක්වැල්ල මහතාගෙන් විමසූ විට මෙම නිර්දේශ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරියේ මගපෙන්වීම මත සිදු කළ බවත් මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කර ඇති බවත් , මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ගැටළු ඇතිවුවහොත් ඒවා සාකච්ඡා මගින් විසදා ගත හැකි බවත් පැවසීය .

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post