2026 විදේශ රැකියා ඉලක්කය 310,000

2026 විදේශ රැකියා ඉලක්කය 310,000

Published on January 27, 2026, 03:49 PM

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් 2026 වර්ෂයේ විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 310,000 පිරිසක් පිටත් කිරීමට ඉලක්ක කර ඇතැයි එම කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව එම පිරිසගෙන් වැඩිම පිරිසක් වූ 77500 කුවේට් රාජ්‍යය රැකියා සඳහා ඉල්ලීම් කර ඇති අතර, එක්සත් අරාබි එමිර් රාජ්‍යයට 63500ක්, කටාර් රාජ්‍යයට 44 000ක්, සෞදි අරාබියට 31000 සහ වෙනත් රටවල් 17ක් සඳහා මෙම ඉලක්ක ඉදිරිපත් තිබේ.

රාජ්‍යයන් අතර අත්සන් කරන ලද විදේශ රැකියා අවබෝධතා ගිවිසුම් අනුව ක්‍රියාත්මක වැඩසටහන් යටතේ 2026 වර්ෂයේ දි ඊශ්‍රායල් රාජ්‍යයට 15000ක්, ජපන් රාජ්‍යයට 12500ක් සහ දකුණු කොරියාවට 6000ක් පිටත් කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර 2025 වර්ෂයේ වර්ෂයේ දී 300,000 රැකියා ඉලක්ක කලද එම ඉලක්කය ඉක්මවා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 311,207 දෙනෙකු රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 2025 වර්ෂයේ දි ඇමරිකන් ඩොලර් මිලියන 8000 කට වැඩි විගමනික ප්‍රේෂණ ශ්‍රී ලංකාවට ලැබිණි.

මේ වසරේ ජනවාරි මාසයේදී පමණක් ශ්‍රමිකයන් 20484 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post