රුමේනියා රැකියා ජවාරමේ මහ මොළකරු ලබන 13දා දක්වා යළි රිමාන්ඩ්

රුමේනියා රැකියා ජවාරමේ මහ මොළකරු ලබන 13දා දක්වා යළි රිමාන්ඩ්

Published on January 30, 2026, 08:25 PM

රුමේනියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා මහා පරිමාණ විදේශ රැකියා වංචාවක නිරත වූ රේන්බෝ මෑන් පවර් විදේශ රැකියා ආයතනයේ හිමිකරු පෙබරවාරි මස 13 දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ මහරගම ප්‍රදේශයේ රේන්බෝ මෑන් පවර් නමින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 90ට අධික මුදලක් වංචාකළ බවට පසුගිය වසරේ ඔක්තෝම්බර් 10 දින සැකපිට අත්අඩංගුවට ගත් තැනැත්තාමය.

වංචනික ආකාරයෙන් මුදල් ලබාගත් පුද්ගලයින්ට ගෙවීම් කරන ආකාරය පිළිබඳව වාර්තාවක් මීළග නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා වගඋත්තර පාර්ශවයට නියෝග කළ අතර, සැකකරු සතු වත්කම් සම්බන්ධව පූර්ණ වාර්ථාවක්ද එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස CID යට නියෝග කළේය.

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ බවට මෙම සැකකාර විදේශ රැකියා හිමිකරුට එරෙහිව පැමිණිලි 470 ක් පමණ  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබි තිබිණි. පසුව මෙම පැමිණිලි සම්බන්ධව ඉදිරි විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කාර්යාංශය විසින් එම පැමිණිලි භාරදී තිබුණි. මෙයට අමතරව තවත් පැමිණිලි 400ට අධික ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ලැබී තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙනී සිටියහ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post