උඩුනුවර අයවැය දෙවන වරටත් පරදී

උඩුනුවර අයවැය දෙවන වරටත් පරදී

Published on December 29, 2025, 02:06 PM

ජාතික ජනබලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවන වර කියවීමද වැඩි ඡන්ද දෙකකින් පරාජය කිරිමට විපක්ෂ කණ්ඩායම් අද සමත් විය.

සභාවේ මන්ත්‍රිවරුන් 38 දොගෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රින් 18 දෙනාගේ පමණක් අයවැයට පක්ෂව ඡන්දය ලැබුනු අතර ඉතිරි ඡන්ද 20 ම වරුද්ධව ඡන්දය ප්‍රකාස කිරීමෙන් අයවැය පරාජයට පත්විය

ජාතික ජනබලවේගයේ උඩුනුවර ප්‍රාදේශිය සභාවේ සභාපති අසිත රණවිර මහතා විසින් අයවැය කෙටුම්පත සදහා පක්ෂව ඡන්දය ලබාදෙන ලෙසත් එහි ඇති යම් යම් කරුනු සංසෝදනය කල හැකි ඒවා බවත්  විපක්ෂයෙන් ඒ අවස්ථාවේදි ඉල්ලා සිටියේ මෙය පක්ෂ දේශපාලනය පසෙකින් තබා උඩුනුවර ජනතාව වෙන්වෙන් අයවැය සදහා පක්ෂව ඡන්දය දෙන ලෙසය.

උඩුනුවර ප්‍රාදේශිය සභාවේ 2026 සදහා වු අයවැය පළමුවරට පසුගිය 23 වනදා ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ජාතික ජනබලවේගයට ලබාගතහැකිවුයේ ඡන්ද 18 ක් පමණි. විපක්ෂව ඡන්ද 20 ක් ලැබුනි එහිදි ජාතික ජනබලවේගය විසින් පළමු වරට ඉදිරිපත් කල අයවැය විපක්ෂය විසින් පරාජය කිරමෙන් අනතුරව අද (29 ) දිනයේ අයවැය දෙවන වර  ඉදිරිපත් කිරිමටද පක්ෂව ඡන්ද 18 ක්ද විපක්ෂව ඡන්ද 20 ක්ද ලැබිමෙන් උඩුනුවර ප්‍රාෙද්ශිය සභාවේ මංගල අයවැය පරාජයට පත් විය.

එහිදි සභාපතිවරයා කියා සිටියේ ව්‍යස්තාවෙන් සභාපතිවරයාට ලැබි බල තල අනුව ඉදිරපත් කල අයවැය සම්මත වු අයවැයක් ලෙස සලකා ඉදිරි වසර තුල කටයුතු කරනු ලබන බවය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post