වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම්

Published on December 19, 2025, 11:18 AM

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එය ලිපියක් මාර්ගයෙන් නිකුත් කර තිබෙනවා.

ලිපියේ සඳහන් පරිදි වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින්, අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනාවරණය කරගත් කරුණු වලින් හෙලිවන බව  ලිපියේ සඳහන් වනවා.

තමන් සතුව රජයේ බඩු බාහිර ආදිය වෙතොත් ඒවා ජාතික රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් නියම කරන අයකුට භාරදිය යුතු බවත්, වැඩ තහනම් කාලයේදී දිවයිනෙක් බැහැරව නොයා යුතු අතර තමන් පදිංචි ස්ථානයේ වෙනසක් සිදුකරන්නේ නම් එයද දැනුම් දිය යුතු බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන්කොට තිබෙනවා.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post