බත්මැඩිල්ල ප්‍රධාන ඇල මාර්ගයේ පැති බැම්ම ඉඳි කෙරේ

බත්මැඩිල්ල ප්‍රධාන ඇල මාර්ගයේ පැති බැම්ම ඉඳි කෙරේ

Published on December 17, 2025, 04:05 PM

“දිත්වා පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම” අධිෂ්ඨානයේ මහිමය යටතේ කැඩි බිදි ගිය බත්මැඩිල්ල ප්‍රධාන ඇලේ පැති බැම්ම ඉඳිකිරීම මේ දින වල සිදු කෙරේ.

බදුල්ලේ මහා වාරි ව්‍යාපාරයක් වන කන්දකැටිය බත්මැඩිල්ල වාරි ව්‍යාපෘතියට දියවර සපයන බත්මැඩිල්ල ඇලේ පැති බැම්ම අයහපත් කාලගුණය හේතුවෙන් නාය ගොස් තිබිණි.

බත්මැඩිල්ල ඇල ඔස්සේ බත්මැඩිල්ල ව්‍යාපාරය සඳහා ජලය සපයයි.  බත් මැඩිල්ල ගොවි ජනපද ව්‍යාපාරය හෙක්ටයාර 1400 කින් සමන්විත වේ. බත් මැඩිල්ල ව්‍යාපාරය පෝෂණය වන්නේ බත්මැඩිල්ල ඇල මඟිනි. ඇල ප්‍රතිසංස්කරණය කර මහ කන්නයේ වී වගාවට ජලය සැපයීම මෙහි අරමුණයි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතාගේ මඟ පෙන්වීම මත අක්කර දහස් ගණනකට ජලය සපයන වැස්සට කැඩි බිදි ගිය බත්මැඩිල්ල ඇලේ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගියදා මෙලෙස ආරම්භ කෙරිණි.

මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිවිල් ආරක්ෂක බලකාය,යුද හමුදාව,ගොවි සංවිධාන,ස්වේච්ඡා සංවිධාන ඇතුළු ශ්‍රම හමුදාවක් සහභාගී වූහ.

මොනරාගල සුමනසිරි ගුණතිලක

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post