රිය අනතුරු පහකින් පහක් මරුට

රිය අනතුරු පහකින් පහක් මරුට

Published on December 14, 2025, 10:30 AM

දිවයිනේ ස්ථාන පහක සිදුවූ රිය අනතුරු පහකින් පුද්ගලයන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කඩවත පොලිස් වසම-2025.12.13 වන දින දහවල් කාලයේ කඩවත පොලිස් වසමේ කොළඹ මහනුවර මාර්ගයේ බණ්ඩාරවත්ත පාලම අසලදී කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකාරිය රාගම රෝහලට ඇතුලත් කිරීමේදී පසුපැදිකාරිය මියගොස් ඇත. මරණකාරිය වයස අවුරුදු 52  ක් වූ කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post