පෙම්වතා ඉදිරිපිට ගිංඔයට පැනපු තරුණිය අතුරුදන්

පෙම්වතා ඉදිරිපිට ගිංඔයට පැනපු තරුණිය අතුරුදන්

Published on December 29, 2025, 08:36 AM

වෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩම පාලම මත සිට තරුණියක් 2025.12.28 වන දින සවස් කාලයේ ගිංඔයට පැන දියේ ගිලී අතුරුදන් බවට වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදන් වූ තරුණිය වයස අවුරුදු‍ 17 ක් වූ පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.

දියේ ගිලී අතුරුදන් තරුණිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය තරුණයෙකුට එම ස්ථානයට පැමිණීමට දුරකතනයෙන් දැනුම් දී ඇති අතර ඔහු තවත් මිතුරෙකු සමග නයිනමඩම පාලම අසලට පැමිණෙන විට එම තරුණිය ගිංඔයට පැන ඇති බවටත්, ඇය බේරා ගැනීම සඳහා තරුණයාද ගිංඔයට පැන ඇති අතර ප්‍රදේශවාසීන් විසින් එම තරුණයා බේරා ගෙන ඇත. තරුණිය දියේ ගසා ගෙන ගොස් ඇත. වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post