විදුලි ප්‍රතිපත්තියට මහජන අදහස් ලබා ගැනිම අරඹයි

විදුලි ප්‍රතිපත්තියට මහජන අදහස් ලබා ගැනිම අරඹයි

Published on December 30, 2025, 04:40 PM

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, ජාතික විදුලිබල ප්‍රතිපත්තියේ (National Electricity Policy) කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීම මේ වන විට ආරම්භ කර ඇත.

ඒ අනුව, එම කෙටුම්පත මේ වන විට https://energymin.gov.lk/  යන බලශක්ති අමාත්‍යංශ වෙබ් අඩවියේ සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් පළ කර ඇති අතර, මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙතින් අදහස් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙතොත්, 2026 ජනවාරි 09 වන දින හෝ එදිනට ප්‍රථම පහත සඳහන් ක්‍රමවේද ඔස්සේ අප වෙත ලබා දිය හැක.

විද්‍යුත් තැපෑල            :[email protected]

ලිපි මගින්                   : ලේකම්, බලශක්ති අමාත්‍යාංශය, අංක 437, ගාලු පාර, කොළඹ 03.

ෆැක්ස් අංකය             : 0112 574 752

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා දුරකථන අංකය : 0112 574 922 (දිගු අංකය 509/ 510/ 403) ඇමතීමෙන් ලබා ගත හැක.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post