මුතුකුමාරණ මහතාගේ දේහය ගැන අවසන් කටයුතු අනිද්දා

මුතුකුමාරණ මහතාගේ දේහය ගැන අවසන් කටයුතු අනිද්දා

Published on December 18, 2025, 02:19 PM

අභාවප්‍රාප්ත හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය එස්.සී.මුතුකුමාරණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා (20) එප්පාවල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය

හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස්.සී.මුතුකුමාරණ මහතා ඊයේ (17)  රාත්‍රියේ දී අනුරාධපුර ශීක්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.

හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා අභවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසති. කාලයක සිට යම් යම් රෝගී තත්ත්වයකින් ඒ මහා පසු වූ  ඒ මහතා මිය යන විට 73 වන වියේ පසු විය.

තලාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම  උතුරු මැද පළාත් සභාවේ බර්ටි ප්‍රේමලාල් දිසානායක හිටපු මහඇමතිවරයාගේ කාලසීමාවේ දී හිටපු සභානායකවරයා ද වේ.පසුව ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙමින් 2010 වර්ෂයේ කලාවැව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා පසුව බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය ධූරය ද හොබවනු ලැබිණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව (2010-04-08 - 2015-06-26)අටවැනි පාර්ලිමේන්තුව (2015-08-17 - 2020-03-02)නවවැනි පාර්ලිමේන්තුව (2024-02-28 - 2024-09-24)  ඔහු නියෝජනය කර ඇත.

2013 වර්ෂයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ කාල සීමාවේ දී 2013 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා බන්ධනාගාර හා පුනරුත්ථාපන නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරණ ලදි.පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතැර ඔහු එවකට අනුරාධපුර දිස්ත්‍රික් නායක හා හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන අමාත්‍යතුමන් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) බල පෙරලියට උර දෙමින් ක්‍රියාකාරීව කටයුතු කළ අතර අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හොරොව්පතාන ආසනයේ ආසන සංවිධායකවරයා ලෙස ද කාලයක්ම කටයුතු කළ ඒ මහතා පසුගිය කාලයේ අසනීප තත්‍ත්වයන්ට ගොදුරු වීම නිසා සිය එප්පාවල නිවසට වී විවේක සුවය ගත කරමින් සිටිය දී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතාගේ එප්ප්ාවල කටියාව  පාරේ  පිහිටි නිවස වෙත අද (18) ඒ මහතාගේ දේහය රැගෙන ආ අතර, ඒ මහතාට අවසන් ගෞරව පුද කිරීමට ප්‍රදේශවාසීන් රැස්ව සිටියහ.මුතුකුමාරණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 20 වැනි සෙනසුරාදා එප්පාවල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post