දිත්වාගෙන් විපතට පත් වූ ළමුන්ගේ අත්දැකීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න එපා

දිත්වාගෙන් විපතට පත් වූ ළමුන්ගේ අත්දැකීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න එපා

Published on December 18, 2025, 02:48 PM

2025 නොවැම්බර් මස අග භාගයේදී ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට ළමයින් විශාල ප්‍රමාණයක් අගතියට පත්ව ඇත. මෙම ස්වභාවික ආපදා තත්වය නිසා ඔවුන් මුහුණ දුන් අත්දැකීම් හේතුවෙන් ළමුන් මානසික පීඩානයකට පත්ව ඇති අතර ඔවුන්ගේ අධ්‍යාපනික ද්‍රව්‍ය, සෙල්ලම්බඩු, ඇදුම් පැලදුම් යනාදිය පමණක් නොව තම දෙමාපියන්, සහෝදරයින්,පවුලේ ඥාතීන් ද ඔවුනට අහිමි වී ඇත. මේ මොහොතේ ළමුන් කම්පනයට හා භීතියට පත්ව ඇති බැවින්, ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව නැවත නැවත විමසමින් සමාජ මාධ්‍ය තුළ පළ කිරීම මගින් ළමුන් අගතියට පත් වන අතර එය එක් අතකින් ළමුන්ගේ අයිතිවාසිකම් කඩකිරීමක් ද වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි.

මෙම පශ්චාත් ආපදා තත්වය තුළ අප සිදු කළ යුත්තේ ළමයින් මානසිකව ශක්තිමත් කිරීම වන අතර එහිදී ඔවුන් සඳහා යම් සහයක් ලබා දෙන්නේ නම්, ඒ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරියෙකු, දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරියකු, ප්‍රාදේශිය ළමා ආරක්ෂක නිලධාරියකු, පුහුණුවලත් මනෝ උපදේශකයකු වැනි ළමා විෂයපථය පිළිබඳ සේවා පළපුරුද්ද ඇති නිලධාරියෙකු මාර්ගයෙන් අදාල මානසික සහයෝගය ලබාගත යුතුය. තවද එම ළමුන් පිළිබඳ තොරතුරු ලබාගන්නේ නම් හාරකරුවකු හෝ වගකිවයුතු නිලධාරියෙකුගෙන් එම තොරතුරු ලබා ගත යුතු බවද එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අන්අයගේ දැනගැනීමේ සඳහා අත්දැකීම් හුවමාරු කරගැනීමේ පරමාර්ථයෙන් ප්‍රශ්න ඇසීම, ප්‍රසිද්ධියේ නැවත නැවත තම අත්දැකීම් ප්‍රකාශ කිරීමට බලපෑම් කිරීම හා ඒවා වීඩියෝ ගත කර හෝ ඡායාරූප සමාජ මාධ්‍ය හෝ අනෙකුත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ කිරිම නොකළ යුතුය. එවැනි ළමුන් පිළිබඳ ප්‍රචාරණය වන වීඩියෝපට හෝ අන්තර්ගතයන් තිබේ නම් 1929 ළමා උපකාරක දුරකථන අංකය මගින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමි. එවැනි අවස්ථා වල ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නීතිය ක්‍රියාත්මක කරන බව ද එම ආයතනය පවසයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post