නොරොච්චේලේ යන්ත්‍ර දෙකක් නඩත්තු කළත් විදුලි සැපයුමට බාධාවක් නෑ

නොරොච්චේලේ යන්ත්‍ර දෙකක් නඩත්තු කළත් විදුලි සැපයුමට බාධාවක් නෑ

Published on December 31, 2025, 07:24 AM

ලං.වි.ම. ලක්වවිජය බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් නඩත්තු කටයුතු වෙනුවෙන් වසා දැමුවත් එය අඛණ්ඩ විදුලි සැපයුමට බාධාවක් නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ජනන යන්ත්‍ර අංක 2 ‘B’ මට්ටමේ නඩත්තු කටයුු සඳහා 2025 නොවැම්බර් මස 03 වන දින අක්‍රීය කරන ලද බවත් වසර 3 කට වරක්ව සිදුකරන මෙම නඩත්තු කටයුුතු දේශීය හා විදේශීය තාක්ෂණික කණ්ඩායම් වල සහභාගිත්වයෙන් සිදු කරන බවත් ලංවිම පවසයි.

වර්තමානය වන විට එහි නඩත්තු කටයුතු අවසන් අදියරේ පවතින බවත් නිසි තත්ත්ව පරීක්ෂණ කටයුුතුවලින් අනතුරුව 2026 ජනවාරි මස 14 වන දින පමණ වන විට එම ජනන යන්ත්‍රය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සියලු කටයුු සූදානම් බවද ලංවිම නිවේදනය කරයි.

තවද, ජනන යන්ත්‍ර අංක 1 ට අයත් බොයිලේරුවේ හදිසියේ ඇතිවූ දෝෂයක් නිසා එම යන්ත්‍රයද, 2025 දෙසැම්බර්  20 දින ආරක්ෂිතව නවතා දැමීමට සිදුව තිබේ. දැනට, එහි වූ දෝෂයන් නිවැරදි කිරීමේ නඩත්තු කටයුුතු කඩිනින්ත්‍ සිදුකරින්ත්‍ පවතින අතර එම යන්ත්‍රයද යථාවත් කර 2026 ජනවාරි මස 18 පමණ වන විට ජාතික පද්ධතියට එක් කිරිමට හැකි වනු ඇතැයි ලංවිම නිවේදන කරයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post