සෞඛ්‍යයේ විදේශ ව්‍යාපෘති 22කට විගනකාධිපතිට විගණයනය කරන්න බෑ

සෞඛ්‍යයේ විදේශ ව්‍යාපෘති 22කට විගනකාධිපතිට විගණයනය කරන්න බෑ

Published on December 29, 2025, 11:41 AM

සෞඛ්‍ය අමාත්‍යංශය විසින්  පසුගිය වසර හතරක (2021-2024)  කාලය තුලදි ක්‍රියාත්මක කරණු ලැබු   විදේශ ආධාර ව්‍යාපෘති 22ක්  සදහා රුපියල් මිලියන 22,045.07ක මුදලක් වැයකොට ඇතත්  එකි ව්‍යාපෘති සම්බන්දයෙන්  විගණනයක් සිදුකර  විගණන වාර්තා නිකුත් කිරිමට  විගණකාධිපතිවරයා වෙත ප්‍රතිපාදන  නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම විදේශ ආධාර ව්‍යාපෘතිවලට අදාළ  ගිවිසුම් අනුව  විගණකාධිපතිවරයා  ව්‍යාපෘති විගණක ලෙස නිශ්චිතව  හදුනාගෙන නොමැති බැවින් ව්‍යාපෘති සම්බන්දයෙන්  විගණනයක් සිදුකර  විගණන වාර්තා නිකුත් කිරිමට  විගණකාධිපතිවරයා නොහැකිවි තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය විෂයයන් යටතේ  මෙම විදේශ ආධාර ව්‍යාපෘති සදහා  රුපියල් මිලියන 52,086.35ක  ප්‍රතිපාදන වෙන්කොට තිබුණි. විගණකාධිපතිවරයා විසින් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post