රු. ලක්ෂ  2000ක කුෂ් සමග හතරක් අල්ලයි

රු. ලක්ෂ  2000ක කුෂ් සමග හතරක් අල්ලයි

Published on December 29, 2025, 02:54 PM

රුපියල් විසි කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන  ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු 12/29 දින උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන ඒවා ඉන්දියාවේ මුම්බායි නුවර වෙත ගෙනැවිත් , එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1185 දරන ගුවන් යානයෙන් 12/29 දින උදෑසන 07.50 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මොවුන් අතරින් දෙදෙනෙකු කාන්තාවන් වන අතර බොරැල්ල සහ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියන් වේ . අනෙක් දෙදෙනා පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් දෙමටගොඩ සහ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ ඇසුරුම් 20 ක් තුළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20 යි ග්‍රෑම් 684 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි' කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ තොරතුරක් මත නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

මෙම ගුවන් මගීන් සිව් දෙනා සහ ඔවුන් රැගෙන ආ " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය 12/29 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post