සජබයට බලය හිමි අකුරණ සභාවේ අයවැය ඒකමතිකව සම්මතයි

සජබයට බලය හිමි අකුරණ සභාවේ අයවැය ඒකමතිකව සම්මතයි

Published on November 27, 2025, 07:29 PM

සමගි ජන බලවේගයට බලය හිමි අකුරණ ප්‍රාදේශිය සභාවේ 2026 වසර සඳහා වන අයවැය අද 27 වනදා ඒකමතිකව සම්මත විය. අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාදුදීන් (සමගි ජල බලවේගය) මහතා විසින් අද පැවැති එහි විශේෂ මහ සභා රැස්වීම වෙත ඉදිරිපත් කරනු ලැබූ අය වැය කිසිදු විරෝධතාවයක් නැතිව ඒකමතිකව සම්මත විය.

මෙම අයවැය ඉදිරිපත් කරමින් සභාපති ඉස්තිහාර් ඉමාදුදීන් මහතා සඳහන් කළේ, 2026 වසර සඳහා වන අයවැය අභියෝග රැසක් මැද ඉදිරිපත් කිරීමට සිදු වූ බවයි. රජය මගින් පළාත් පාලන ආයතන සඳහා හඳුන්වා දී ඇත් ස්වයං මුල්‍යකරණ වැඩපිළිවෙල යටතේ ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය සඳහා ගෙවනු ලබන වැටුප් වලින් සියයට 20 ක් එනම් රුපියල් මිලියන 17 ක  මුදලක්  සභාව විසින් දැරීමට සිදුව තිබීම මෙම අය වැය තුලනය කර ගැනීමේ ගැටළුවකට මුහුණ  පෑමට සිදු වූ බවයි.

කෙසේ වුවත් මෙම ස්වයං මුල්‍යකරණය හොඳ  වැඩපිළිවෙළක් බවත් තමන්ද එයට  එකඟ බවත් සඳහන් කළ සභාපතිවරයා එය ක්‍රියාත්මක කිරීමේ පවතින ගැටළු නිසා පළාත් පාලන ආයතන ක්ෂණික  මුල්‍ය අර්බුදයකට මුහුණ  දීමට හේතු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

සභාපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනාව අනුව 2026 වසරේ අපේක්ෂිත මුළු ආදායම රුපියල් 15,66,15,730.00 ක්( පහළොස් කෝටි හැට හය ලක්ෂ පහළොස් දහස් හත්සිය තිහක්) වන අතර අපේක්ෂිත මුළු වියදම රුපියල් 15,66,15,430.00 ක් ( පහළොස් කෝටි හැට හය ලක්ෂ පහළොස් දහස් හාරසිය තිහක්)  වෙයි. අතිරික්තය රුපියල් 300 ක් වෙයි.

මෙම අයවැය සඳහා  බෙදීමක් අවශ්‍ය වන්නේදැයි සභාපතිවරා විසින් විමසූ නමුත් කිසිදු මන්ත්‍රීවරයෙකු බෙදීමක් ඉල්ලා නොසිටි අතර කිසිවකුත් අයවැයට විරුද්ධ වූයේද නැත. ඒ අනුව අකුරණ ප්‍රාදේශිය සභාවේ 2026 වසර සඳහා වන අයවැය ඒකමතිකව සම්මත විය.

මොහොමඩ් ආශික්/හැටන් රංජිත් රාජපක්ෂ

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post