වලපනේ රෝහලේ නාය යෑමෙන් 11ක් ජීවිතක්ෂයට

වලපනේ රෝහලේ නාය යෑමෙන් 11ක් ජීවිතක්ෂයට

Published on November 30, 2025, 11:51 AM

වලපනේ ප්‍රාදේශීය රෝහලේ නායයෑමෙන් ජීවිතක්ෂයට පත් 11 දෙනෙකුගේ සිරුරු ඇති බවත්, එම රෝහලට අවශය පහසුකම් ලබා දෙන ලෙස මයිලගස්තැන්නේ ධම්මදින්න හිමියෝ ඉල්ලති.

වලපනේ ප්‍රදේශයට ඇතුලුවන සියලුම ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග සියල්ල නාය ගොස් ඇති නිසා සහන කණ්ඩායම්වලට වලපනේට පැමිණීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව වලපනේ ගල්බොඩ විහාරස්ථානයේ විහාරාධිපති සාශනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි වලපනේ උතුර සාශනාරක්ෂක බල මණ්ඩලය මයිලගස්තැන්නේ ධම්මදින්න හිමියන් මාධයට තොරතුරු ලබා දෙමින් කියා සිටියහ.

වලපනේ ප්‍රදේශයේ දුරකථන සහ විදුලිය බලය නොමැති බවත්, ඒ අනුව තම ප්‍රදේශයෙ තොරතුරු රටට ලබා දීම සදහා පා ගමනින් පැමිණ මෙම තොරතුරු සමජා මාධ්‍ය ඔස්සේ රටට පවසන බවයි උන් වහන්සේ කියා සිටියේ.

තවද, ආරක්ෂක අංශ නිළධාරින් වලපනේ ප්‍රදේශයට පිවිසෙන මාර්ග යථා තත්වයට පත් කිරිමේ කටුතුආරම්භ ර ඇති බවත්, ඒ සදහා මහජන සහයද ලබා දෙන ලෙසයි උන් වහන්සේ ඉල්ලා සිටින්නේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post