වරෙන්තු නිකුත් වූ සජබ මහ ලේකම් අධිකරණයට ඉදිරිපත් වෙයි

වරෙන්තු නිකුත් වූ සජබ මහ ලේකම් අධිකරණයට ඉදිරිපත් වෙයි

Published on September 29, 2025, 06:37 PM

පසුගිය පළාත් පාලන මැතිවරණයේ වියදම් වාර්තා නිසි ලෙස ඉදිරිපත් නොකිරීමේ චෝදනාව මත වරෙන්තු නිකුත් වූ ස.ජ.බ මහ ලේකම් රංජිත් මද්ධුමබණ්ඩාර නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වෙයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාළ පක්ෂ කාර්යාලය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු මැතිවරණ වියදම් වාර්තාව නිසි වේලාවට ඉදිරිපත් නොකිරීම මත ගොනු කරනු ලැබූ නඩුවට අදාළව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ සමගි ජන බලවේගය පක්ෂ මහලේකම් රංජිත් මද්දුමණ්ඩාර මහතා අද (29) නීතිඥවරු හරහා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් විය.

අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණි සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්ධුම බණ්ඩාර මහතා මාධ්‍යය වෙත අදහස් දැක්වෙමින් කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාවේ නිසි සන්නිවේදනයක් නොමැතිකමින් කාල වේලාවන් නිකරුනේ ගතකරමින් නඩුවකට පෙනී සිටීමට සිදුවූ බවයි.

"සෑම දිස්ත්‍රික්කයේම මැතිවරණ වියදම් වාර්තා පක්ෂ ප්‍රධාන කාර්යාලයට ගෙන්වාගෙන ලියාපදිංචි තැපැල් අරහා අදාළ දිස්ත්‍රික්කවල මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත යොමු කරනවා නුවරඑළිය දිස්ත්‍රික්කෙත් අපි ඒ විදිහටම හරි ව්දිහට වෙලාවට යොමු කළා ,එම වාර්තාව නිසි වේලාවට ලැබුණේ නැහැයි කියලා තමයි නඩුව ගොනු කරලා තිබ්බේ.

නඩුව ගොනු කරලා වරෙන්තු නිකුත් කරාට පස්සේ නැවත මැතිවරණ කොමිෂන් සභාවෙන් පොලිසියට කියලා තියෙනවා මේක හරි විදිහට ලැබිලා තියෙනවා කියලා. අද අපි වරෙන්තුවට ඉදිරිපත් උනා ඉදිරි නඩු දිනයක් අපිට ලැබිලා තියෙන්නේ එහිදී අපි අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරලා අපේ නිර්දෝෂී භාවය ඔප්පු කරනවා.

සුහෙල් - නුවරඒළිය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post