කටුනායකින් රු. මිලියනයක මත්පැන් පිටකිරීමට තැත්කළ ව්‍යාපාරියෙක් අල්ලයි

කටුනායකින් රු. මිලියනයක මත්පැන් පිටකිරීමට තැත්කළ ව්‍යාපාරියෙක් අල්ලයි

Published on September 30, 2025, 10:22 AM

ගුවන් මගියෙකු නොවන පුද්ගලයෙකු , කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත පිවිස , එයින් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්පැන් බෝතල් 75 ක් මිළදී ගෙන , ඒවා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත '' ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/30 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු පුත්තලම , විලුක ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකි. මොහු මෙම මත්පැන් බෝතල් තොගය ගමන් මලු 05 ක් තුළ අසුරා ගෙන , ගුවන් තොටුපොළ බැංකු පරිශ්‍රය ද පසු කර පිට වී යමින් සිටියදී , 09/30 දින අලුයම 02.40 ට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

ගුවන් මගියෙකු නොවන  මෙම පුද්ගලයා අවසන් වරට ගුවන් ගමනක යෙදී ඇත්තේ 2024 වසරේ අගෝස්තු මස 17 වන දිනය .

මීට සති දෙකකට පමණ පෙර කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංගනයේ නිලධාරීවරයෙකු සහ ගුවන් තොටුපොළ ආරක්ෂාව සදහා අනුයුක්ත කර සිටි ශ්‍රී ලංකා බුද්ධි අංශයේ නිලධාරීවරයෙකු ද රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබුණි .

මෙම පුද්ගලයාටද මෙසේ ගුවන් තොටුපොළ වෙත පිවිස , දැඩි ආරක්ෂක රැකවල් යටතේ පවතින රේගු පරිශ්‍රය පසු කර ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත පිවිසීම සදහා කිසියම් නිලධාරීන් පිරිසකගේ සහායක් ලැබෙන්නට ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සැක පළ කරති .

මෙම පුද්ගලයා , ඔහු පිට කර ගෙන යමින් සිටි මත්පැන් බෝතල් තොගය 10/01 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post