රට ඉන්න අපරාධකරුවන් 32ක් සැඟව සිටින තැන් දන්නවා

රට ඉන්න අපරාධකරුවන් 32ක් සැඟව සිටින තැන් දන්නවා

Published on September 29, 2025, 08:31 PM

මෙරටින් ගොස් විදේශයන්හි රැඳී සිටිමින් අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන අපරාධකරුවන් 72 කෙනෙකුට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත්කොට ඇති බවත් එම අපරාධකරුවන් අතරෙන් අපරාධකරුවන් 32 දෙනෙකු සැඟව සිටින ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියයි.

අමාත්‍යවරයා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙරට අපරාධකරුවන් 20  දෙනෙකු විදේශ සිරගෙවල්වල සිරගතව සිටින බවත් ඔවුන්ද ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පොලිස්පතිවරයා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

පොලිසියටත් විශේෂ කාර්ය බළකායටත්  නිලධාරීන් 30,000 කගේ පමණ පුරප්පාඩු පවතින බවත් එම පුරප්පාඩු පියවීම මේ දෙසැම්බරයේ සිට ආරම්භ කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය උවදුර මෙරටෙන් තුරන් කිරීම සඳහා රජය මැදිහත්ව ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බවත් ඉදිරි සති 2-3 ඇතුළත මෙරටෙන් මත් උවදුර තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය. ඒ සඳහා පූජක පාර්ශවයේ සිට සෑම පාර්ශවයක්ම සහභාගි කරවා ගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

තම ප්‍රදේශයේ සිදුවන මත් ද්‍රව්‍ය ජාවාරම, අපරාධ ඇතුළු නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් සියලු තොරතුරු බිය සැක නොමැතිව පොලිසියට ලබා දෙන ලෙස අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post