මාතලේ යටවත්තටත් වන අලි ඇවිත්

මාතලේ යටවත්තටත් වන අලි ඇවිත්

Published on August 29, 2025, 11:01 AM

තුන්පත් රෑනක වන අලි රංචුවක් සමගින් සද්දන්ත තනි අලියකු ද දැනට සති දෙකක පමණ කාලයක් තිස්සේ මාතලේ යටවත්ත ප්‍රාදේශයේ ගම්මුල්ල,දිවිල්ල ආදි ප්‍රදේශවලට මේ දිනවල  සැරිසාරිම නිසා  බෝග වගාවන් විනාශයට පත් කරන බවත් ජන ජිවිතයටද බලපැම් එල්ල වි ඇති බව ගම්වාසිහු කියයි.

වන අලින් මකුළුස්ස කන්දේ දවල් කාලයේ රැදි සිටින බවත් රාත්‍රියේදි ගම්මාන වෙත පැමිණෙන නිසා ජනතාව බියට පත්ව ඇති බවත් තමන් දන්නා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම ප්‍රදේශයට වන අලින් පැමිණි අවස්ථාවක් මෙය වන බවත් මේ පිළිබදව අදාළ බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බවද ගම්වාසිහු කියයි.

වන අලින් විසින් ප්‍රදේශයේ නිවාස රැසකට මෙන්ම කෙසෙලේ,පොල් වැනි බෝග වගාවන් විශාල ප්‍රමාණයක් විනාශ කර ඇති බවද ගම්වාසිහු කියයි.

මකුළුස්ස ගම්මානයේ  වගා කර ඇති හෙන් ගොවිතැන සහ එහි ඉදිකර ඇති පැල්පත් ගම්වැදුණු වන අලි විසින් විනාශ කර ඇති බවද ගොවිහු කියයි.

මෙම වන අලි ගැටලුළුව පිළිබදව ඉකුත් 28දා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි අනාවරණය වු අතර එහිදි අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා කියා සිටියේ අදාළ අංශ වහාම මැදිහත් වි මෙම ගැටළුව සදහා පිළියම් යෙදිය යුතු බවත් ඕනැම අවස්ථාවක සහය ලබා දිමට හැකි බවය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post