සබරගමුවේ සංවර්ධන නිලධාරීන් දහසක අතිරික්තයක්

සබරගමුවේ සංවර්ධන නිලධාරීන් දහසක අතිරික්තයක්

Published on August 28, 2025, 10:53 AM

සබරගමු පළාතේ රාජ්‍ය ආයතනවල අතිරික්තව සිටින දහසකට ආසන්න සංවර්ධන නිලධාරීන් වහාම ඵලදායී රාජ්‍ය සේවය සඳහා අනුයුක්ත කරන ලෙස සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා චජනකි රාජරත්න මහත්මිය 27දා නියෝග කළාය.

රත්නපුර පළාත් සභා පරිශ්‍රයේදී පිහිටි ප්‍රධාන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති සබරගමු පළාත් පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීමේ වැඩසටහනේදී  ආණ්ඩුකාරවරිය මේ බව පැවසුවාය.

සබරගමු පළාතේ අධ්‍යාපන කාර්යාලයන්හි, පිරිවෙන්වල  රාජකාරි කිරීමට සංවර්ධන නිලධාරීන්ගේ විශාල හිඟයක් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අංශයේ අධ්‍යක්ෂක පූජ්‍ය කන්තලේ විඡිත වංශ හිමි පැවසූහ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ පවතින ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ අනෙකුත් රාජ්‍ය ආයතන ආශ්‍රිතව සංවර්ධන නිලධාරින් හත්සීයක පමණ අතිරික්තයක් පවතින බව කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් පී.දිලිප් නිශාන්ත මහතා පැවසුවේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන්ගේ අතිරික්තය දෙසීය හැටක් පමණ වන බව රත්නපුර දිස්ත්‍රික් අතිරේක ලේකම් බී.ටී.ගයානි අයි කරුණාරත්න මහත්මිය කීවාය.

රාජයේ පාසල් සඳහා ලබා දෙන විද්‍යාගාර උපකරණ රසායනාගාර, ද්‍රව්‍ය පිරිවෙන් සදහා ද ලබා දෙන ලෙසද සබරගමු ආණ්ඩුකාරවරිය මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නාය.

පිරිවෙන් අධ්‍යාපනය ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා රජයේ උපරිම සහය ලබාදෙන බවත්, පිරිවෙන්වල අධ්‍යාපන ගුණාත්මක බව වැඩි කිරීම සඳහා සිදු කරනු ලබන වැඩසටහන් වලට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට සබරගමු පළාත් සභාව මඟින් අවශ්‍ය රථ ලබා දෙන බව ද චම්පා ජානකී රාජරත්න මහත්මිය මෙහිදී සදහන් කළාය.

සබරගමු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය රංවල පංඥා වංශ හිමි, වැඩබලන ප්‍රධාන ලේකම් දර්ශන සමරසේකර, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් චාමර බමුණුආරච්චි, පළාත් අධ්‍යපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂක නෙවිල් කුමාරගේ, පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂ පුෂ්පකුමාර ඩයස්, සබරගමු පළාතේ කලාප අධ්‍යාපන අධක්ෂවරුන් අතුළු පිරිසක් එක්ව මෙම අවස්ථාවට සිටියහ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post