අපුරේ හා පොලොන්නරුවේ ලංගම වර්ජනයක් නෑ

අපුරේ හා පොලොන්නරුවේ ලංගම වර්ජනයක් නෑ

Published on August 28, 2025, 01:31 PM

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන 27 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති සන්ධානය වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබුණද, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල කිසිදු වැඩ වර්ජනයක් සිදු නොවූ බව ලංගම සේවක පිරිසක් සඳහන් කළහ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ රජරට ප්‍රාදේශීය කලාපය තුළ බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය වන ආකාරය දැකගත හැකි විය.

දුර ගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාල සටහනේ ගැටලු නිසා වෘත්තීය සමිති සන්ධානය විසින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන්, රජරට ප්‍රාදේශීය බල ප්‍රදේශය වන අනුරාධපුර, පොළොන්නරුව, කන්තලේ සහ දඹුල්ල දිස්ත්‍රික්කවල මගී ප්‍රවාහන කටයුතු වලට කිසිදු බාධාවක් සිදු නොවූ බව ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු ආර් එම් ඒ.බී.මහතා පැවසීය.

ඒ මහතා වැඩවර්ජනය සම්බන්ධයෙන් ඊයේ  (28) සිදුකළ විමසීමකදී සඳහන් කරමින් කියා සිටියේ, වසර ගණනාවක් සිට අන්තර්පළාත් ඒකාබද්ධ කාල සටහනකට අනුව රජරට බස් රථ සේවාව ක්‍රියාත්මක වන බැවින්, මෙම ප්‍රාදේශීය කලාපය වැඩවර්ජනයකට එක් වීමට අවශ්‍ය නොවන බවයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post