විශ්‍රාම ගිය දේශපාලඥයෝ කරවල කරලා දුමේ දාලා තියා ගත යුතුද?

විශ්‍රාම ගිය දේශපාලඥයෝ කරවල  කරලා දුමේ දාලා තියා ගත යුතුද?

Published on August 28, 2025, 04:29 PM

"ජනාධිපතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ කිසි කෙනෙකුගේ විශ්‍රාම වැටුප් සියල්ලම අහෝසි කළ යුතුයි.අපේ රටේ මහජන බදු මුදල් වලින් මේ දේශපාලඥයෝ නඩත්තු කරන්නේ. ඇයි ඒ නඩත්තු කරන්නේ, මොකක්ද අවශ්‍යතාව. එහෙම නම් මැරුණාම කරවල කරලා දුමේ දාලා තියා ගන්නත් ඕන" යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසූහ.

ජාතික නාමල් උයනේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව උන්වහන්සේ පැවසූහ.

"ජනාධිපති වෙච්ච කෙනෙකුට මම හිතන්නේ ඒ අවුරුදු 05  හෝ 10 තුළ යමක් කමක් රැඳෙනවා ඇත්තම කථාව, තවත් මොකටද ජනතා මුදල් වැය කරලා වරප්‍රසාද දීලා ඒ අය රකින එකේ තේරුම මොකක්ද? තේරුමක් නෑ, දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නැති කිරීම හොඳයි, මොකටද අවුරුදු 05 ක් ඉඳලා යන කෙනාට විශ්‍රාම වැටුපක්, රජයේ සේවකයකු රාජ්‍යය සේවයට ගියහම අවුරුදු 55 ක් 60 ක් වැඩ කරන්න ඕන, වැඩ කෙරුවාට පස්සේ තමයි සොච්චමක් හම්බවෙන්නේ, අවුරුදු 05 ක් ඉඳලා සියලුම වරප්‍රසාදයන් භුක්ති විඳලා ඒ ගොල්ලන්ට පෙන්ෂන් එකක් දෙනවා මම කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕන, මේ ආණ්ඩුවට අපහසුවෙන් හරි කරන්න පුලුවන් නම් ඉතාමත් හොඳම තීරණයක් තමයි ඒක, කෝටි ගණන් අපේ රටේ ඉතිරි වෙනවා, අපේ රටේ මහජන බදු මුදල් වලින් මේ නඩත්තු කරන්නේ. ඇයි ඒ නඩත්තු කරන්නේ, මොකක්ද අවශ්‍යතාව එහෙම නම් මැරුණාම කරවල කරලා දුමේ දාලා තියා ගන්නත් ඕන, ඇත්ත කථාව ඕකනේ, ඒ ගොල්ලන්ට ජනාධිපති‍, මන්ත්‍රිවරු, ඇමතිවරු වුණාම ඒ ගොල්ලන්ට වැටුපක් ගෙවනවා.ඒ කරන මෙහෙවරට වැටුපක් ගෙවනවා.තවදුරටත් මේ ව්‍යවස්ථාවේ තියෙන මේ වගන්ති අහෝසි කරලා තව දුරටත් ඔවුන් නඩත්තු කරන්න අවශ්‍යය නෑ.

මම කියන්නේ ජනාධිපතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ කිසි කෙනෙකුගේ විශ්‍රාම වැටුප් සියල්ලම අහෝසි කළ යුතුයි කියන මතයේ මම ඉන්නේ, ඒක මගේ පෞද්ගලික මතය යැයිද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post