හරි පාරෙන් ජපන් යන්න දැනගන්න අවස්ථාවක්

හරි පාරෙන් ජපන් යන්න දැනගන්න අවස්ථාවක්

Published on August 29, 2025, 07:51 PM

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JAICA) එක්ව සංවිධානය කරන ජපන් රැකියා පොළ වැඩසටහනක් හා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් හෙට දින (8/30) කාර්යාංශයේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේදී කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙහිදී නිවැරදි මාර්ගයෙන් ජපන් රැකියාවක් සඳහා යොමුවන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කරන අතර, ඊට අමතරව, ශ්‍රි ලාංකිකයින්ට අයදුම් කළ හැකි ජපන් රැකියා ක්ෂේත්‍ර, ඊට අවශ්‍ය මූලික සුදුසුකම් වැනි කරුණු පිළිබඳව උදෑසන හා දිවා වශයෙන් සැසිවාර දෙකක් ඔස්සේ රැකියා අපේක්ෂිතයින් දැනුවත් කිරීමටද නියමිතය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා JAICA ආයතනය, IM Japan ආයතනය ඇතුළු ජපන් රැකියා ඇණවුම් ලැබී ඇති බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන රැසක් හා ජපන් භාෂා පුහුණු පාසල් කිහිපයක්ද සහභාගි වේ.

කාර්යාංශය විසින් ජපන් රැකියා වැඩසටහන් දීප ව්‍යාප්තව පවත්වමින් සිටින අතර, එහි සිව් වන පියවර මෙසේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඉදිරියේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේද මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ. මීට පෙර බදුල්ල, තංගල්ල, කුරුණෑගල යන ප්‍රදේශවලද සාර්ථකව මෙවැනි ජපන් රැකියා පොළ වැඩසටහන් හා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරන ලදී.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post