අවසන් පන්දුවාරයේදී කඩුලු ත්‍රිත්වයක් ගනිමින් සිම්බාබ්වේ ජය මාවත මධුශංක විනාශ කරයි

අවසන් පන්දුවාරයේදී කඩුලු ත්‍රිත්වයක් ගනිමින් සිම්බාබ්වේ ජය මාවත මධුශංක විනාශ කරයි

Published on August 29, 2025, 09:19 PM

ලකුණු 299ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 291/8 සීමා කිරීමට සමත්වු ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගෙයන් ලකුණු 7ක ජයක් වාර්තා කළේය.

සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් කඩුලු දෙක පළමු පන්දුවාරයේදීම එකම ලකුණු හෝ ලබා ගැනීමට මත්තෙන් දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත්වුවත් ඉන් අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් බෙන් කරන් (70) හා සීන් විලියම්සන් (57) ලකුණු 118ක් එක් කිරීමට සමත්විය.

නැවතත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් සිකන්දර් රාසා (92) හා ටෝනි මුන්යොන්ගා (43*) සාර්ථක ලකුණු 128ක සබඳතාවක් ගොඩ නගමින් සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහනය පෙනෙන මානයට ගෙන ආවේ සිම්බාබේ ලකුණු පුවරුව ලකුණු 289/5 දක්වා රැගෙන එමිනි.

ඒ වන විට පන්දුවාර 49ක් නිමා වී තිබුණ අතර අවසන් පන්දුවාරයේදී රාසාට හා ටෝනිට පන්දු 6කදී ලකුණු 10ක පහසු ඉලක්කයක් හිමිව තිබුණි.

අවසන් පන්දුවාරය යොමු කිරීම සඳහා ඩිල්ෂාන් මධුශංක කැඳවූ අතර පළමු පන්දුවෙන් සිකන්දර් රාසා, දෙවැනි පන්දුවෙන් බ්‍රැඩ් ඉවන්ස් හා තෙවැනි පන්දුවෙන් රිචඩ් එන්ගරාවා දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post