ඉන්ධන වලින් කොමිස් ගහපු කෙනා ගෙදර ගියාට කොමිස් එකේ බලපෑම තව ටික කාලයක් තියෙනවා

ඉන්ධන වලින් කොමිස් ගහපු කෙනා ගෙදර ගියාට කොමිස් එකේ බලපෑම තව ටික කාලයක් තියෙනවා

Published on July 02, 2025, 03:11 PM

ඉන්ධන මිල ඉහළ දැමීම හෝ අඩු කිරීම පිළිබඳ තීරණය ගනු ලබනුයේ අවසන් මාසයේ ලෝක වෙළඳපොලේ පැවති ඉන්ධන මිල අනුව බවත්, ඒ අනුව පසුගිය ජූනි මාසයේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගිය බැවින් මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වූ බවත්  කැබින්ට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (02දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

‘කොමිස් ගහපුවා, කොමිස් ගහපු කෙනා ගෙදර ගිය ගමන් ඉවර වෙන්නේ නෑ. එයා ගෙදර නතර වුණාට කොමිස් එක අපිට බරක් ලෙස තව කාලයක් ඉස්සරහට දිවෙනවා. ඒවටත් වන්දි ගෙවමින් තමයි අපි යන්නේ. ඒ නිසා මතක තියාගන්න කොමිස් ගහපු කෙනා ගෙදර ගියාට කොමිස් එකේ බලපෑම තව ටික කාලයක් තියෙනවා. ’

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post