කුරුණෑගල කතරගම දේවාලයේ නිලවරණය අත්හිටුවීමේ ඉල්ලීම ඉවත දමයි

කුරුණෑගල කතරගම දේවාලයේ නිලවරණය අත්හිටුවීමේ ඉල්ලීම ඉවත දමයි

Published on July 02, 2025, 05:16 PM

හෙට දින (03) පැවැත්වීමට  නියමිත කුරුණෑගල කතරගම දේවාලයේ නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස කුරුණෑගල කතරගම දේවාලයේ හිටපු භාරකරුවන් පිරිසක් අධිකරණයෙන් කළ ඉල්ලීමක් කුරුණෑගල අතිරේක දිසා විනිසුරු ජනනී විජේතුංග මහත්මිය තරයේ ප්‍රතික්ෂේප  කළාය.‎

‎මෙලෙස ප්‍රතික්ෂේප  කළේ කුරුණෑගල  කතරගම දේවාලයේ  හිටපු භාරකරුවන් වන සෙල්වරාජා මුතුරාසා, අරුමගම් පිල්ලෙයි කන්දසාමි,අරුමුගම් කනකරත්නම්,සදාසිවම් පිල්ලෙයි සුරේෂ්  හා තිරුණවුන්කරුෂුවුමා යන කුරුණෑගල  කතරගම  දේවාලයේ හිටපු භාරකරුවන්   නීතීඥ සදුන් ගමගේ මහතා මගින් කුරුණෑගල දිසා අධිකරණයට ඉදිරිපත්  කර තිබු පැමිණිලකි.‎‎අද දින (03) පැවැත්වීමට  නියමිත  කුරුණෑගල  කතරගම  දේවාලයේ නිල වරණය අත් හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත්  කරන  ⁣ලෙස මෙම පැමිණිළිකරුවන් අධිකරණයට ඉදිරිපත්  කර තිබු  පැමිණිල්ලේ විත්තිකරුවන්  ලෙස නම්කර ඇත්තේ කුරුණෑගල  කතරගම දේවාලයේ වත්මන්  භාරකරුවන් වන ජේ.චන්ද්‍රසේකරන් ,එස්.සන්මුගමන්, කන්දසාමි  පිල්ලෙයි හා එස්.පෙරිබ්භනාදන් මහත්වරුන්ය.‎‎හිටපු භාරකරුවන්ගේ පැමිණිල්ල මගින් කර තිබූ ඉල්ලීම  කුරුණෑගල  අතිරේක දිසා විනිසුරු  ජනනී විජේතුංග  මහත්මිය තරයේ ප්‍රතික්ෂේප  කළේ විත්තිකාර භාරකරුවන්  වෙනුවෙන්   ජේෂ්ඨ   නීතිඥ උපාලි  ජයමාන්න මහතා දීර්ඝව අධිකරණයට කළ  කරුණු දැක්වීමක්  සැලකිල්ලට ගනිමි.‎‎‎ඒ අනුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා අධිකරණය⁣ට කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිලිකරුවන් ස්වකීය පැමිණිල්ල මගින් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය මුලුමනින්ම නීතියට පටහැනි  බවයි.‎‎පැමිණිලිකරුවන් අධිකරණයෙන් අතුරු  තහනම් නියෝගයක් ඉල්ලීමට පෙර මෙම  සිද්ධිය පිළිබදව ප්‍රාදේශිය ලේකම්වරයාට පැමිණිලි කර සහතිකයක්  ලබාගෙන නොමැති බවද නීතිඥවරයා  කීවේය.‎‎පැමිණිලිකරුවන්ට දේවේශ සහගතව  මෙම අතුරු තහනම් නියෝගය  ඉල්ලා ඇති බවටද චෝදනා කළ නීතිඥවරයා  මෙවැනි ඉල්ලීමක් පැමිණිලිකරුවන්ට ඉදිරිපත් කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවද පවසා සිටියේය.‎‎ඒ අනුව කිසිදු නීතිමය පදනමකින් තොරව පැමිණිලිකරුවන් ඉල්ලා ඇති අතුරු  තහනම්  නියෝගය ප්‍රතික්ෂේප  කරන ලෙසද ජේෂ්ඨ නීතිඥ උපාලි  ජයමාන්න මහතා අයැද සිටියේය.‎‎මෙම කරුණු  දැක්වීම සැලකිල්ලට ගත් කුරුණෑගල  අතිරේක දිසා විනිසුරු ජනනී විජේතුංග මහත්මිය පැමිණිලිකරුවන්  මෙම නඩුව පැවරීමට පෙර ප්‍රාදේශීය ලේකම්වරයාට පැමිණිලි කර සහතිකයක් ලබා නොගෙන සිටීමද සැලකිල්ලට  ගෙන පැමිණිලිකරුවන්  ඉල්ලු අතුරු තහනම්  නියෝගය නිකුත්  කිරීම ප්‍රතික්ෂේප කරණු   ලැබුවාය.

‎පැමිණිලිකරුවන්  වෙනුවෙන්  නීතිඥ සදුන්  බණ්ඩාර මහතා පෙනී සිටි අතර, විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ  රවීන්ද්‍ර ඉරුගල්බණ්ඩාර  මහතාගේ උපදෙස් මත නීතිඥ නවීන් ජයමාන්න මහතා  සමඟ ජේෂ්ඨ නීතිඥ  උපාලි ජයමාන්න  මහතා පෙනී සිටියහ.

‎හිටපු භාරකරුවන්ගේ ඉල්ලීම අධිකරණය  ප්‍රතික්ෂේප  කිරීමත් සමඟ කුරුණෑගල  කතරගම දේවාලයේ  නිලවරණය  අද (03) දින කුරුණෑගල  ලංකා බැංකු  ගොඩනැගිල්ලේ දී පැවැත්වීමට  නියමිතය.‎ඒ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහභාගිත්වයෙනි.

‎මෙම අධිකරණ නියෝගයත් සමඟ දීර්ඝ  කාලයක් නොපවත්වා තිබූ  හින්දු බැතිමතුන්ගේ  විශේෂ උත්සවයක් වන කතරගම  දෙවියන් උදෙසා සිදුකරන "කුම්භාභිෂේක" මංගල්‍යය පැවැත්වීමට ඉඩ සැලසේ.‎

‎කුරුණෑගල කතරගම දේවාලය වයඹ පළාතේ හින්දු බැතිමතුන්ගේ පමණක් නොව මෙරට විවිධ  ආගම් අදහන  බැතිමතුන්ගේ ඉමහත් ගෞරවයට පාදක වූ සිද්ධස්ථානයකි.

අනුරාධපුර  අධිකරණ  උපාලි ආනන්ද ,මහව සජීවා කෝට්ටගොඩ, මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post