තෙල් මිල වැඩි කිරීමට හේතුව සංස්ථාව කියයි

තෙල් මිල වැඩි කිරීමට හේතුව සංස්ථාව කියයි

Published on July 02, 2025, 08:59 AM

ඉන්ධන මිල සූත්‍රය අනුව තෙල් මිල වැඩිවූයේ පසුගිය කාලයේ ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ යාම නිසා බව ලංකා ඛනිජ තෙල් නීතිගෙ සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගතේ සභාපති ජනක රාජකරුණා පැවැසීය.

ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාව ඉන්ධන මිල ගණනය කිරීමෙන් පසුව අවසන් තීරණයක් ගැනීම සඳහා එම මිල ගණන් මුදල් අමාත්‍යාංශයට යොමුකරන බවත් ඔහු පැවැසීය.

මාස දෙකෙකට තෙල් තිබුණ බවට සඳහන් නොකළ බවත් මාස දෙකකට ප්‍රමාණවත් තෙල් ඇණවුම් කර තහවුරු කර තිබුණ බවත් මෙහිදී ඔහු පැවැසීය.

"මාස දෙකකට තෙල් තිබුණ බව නෙමෙයි කිව්වේ, මාස දෙකකට ප්‍රමාණවත් තෙල් ඇණවුම් කර තහවුරු කර තිබුණ බවයි කිව්වේ. නමුත් තෙල් ලැබීම හා මිල ගණනය කිරීම කියන්නේ දෙකක්. පසුගිය කාලයේ අවශ්‍ය යටිතල පහසුකම් නිසායාකාරව සංවර්ධනය කර නොතිබුණ නිසා අපිට ලොකු ස්ටොක් එකක් කරගෙන යන්න බෑ."

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post