ත්‍රීරෝද රථ ගාස්තු වැඩිවීමක් නෑ

ත්‍රීරෝද රථ ගාස්තු වැඩිවීමක් නෑ

Published on July 01, 2025, 08:56 PM

ඩීසල් හා ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඉහළ ගියත් ත්‍රී රෝද රථ ගාස්තුව ඉහළ දැමීමක් සිදුනොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකරෙ මහතා සඳහන් කළේය.

ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් හා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ දමා තිබෙන බවත් අදාළ පාඩුව ත්‍රී රෝද රථ හිමියන් දරා ගනිමින් දැනට පවතින ගාස්තුව අයකර ගන්නා බවද පැවසීය.මේ අනුව බස්නාහිර පළාත තුළදී පළමු කිලෝමිටරයට රුපියල් සියයක් හා දෙවැනි කිලෝමීටරයේ සිට රුපියල් අසූපහක් වශයෙන් අයකර ගැනිම් සිදුවන බවද සඳහන් කළේය.

අනෙකුත් පළාත්වලත් දැනට අයකරන ගාස්තුව අයකරන බවත්, බස්නාහිර පළාත තුළදී අනුමත ගාස්තුවට වැඩියෙන් අයකර ගන්නවා නම් ජනතාවට ඒ පිළිබඳව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට පැමිණිලි කිරීමට හැකියාව තිබෙන බවද  සඳහන් කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post