වී සහතික මිල වැඩි කරන්නැයි ඉල්ලයි

වී සහතික මිල වැඩි කරන්නැයි ඉල්ලයි

Published on July 02, 2025, 08:01 AM

නාඩු හා සම්බා වී කිලෝවක නිෂ්පාදන වියදම් මේවර ඉහළ ගොස් තිබෙන නිසා රජයේ සහතික වී මිල රුපියල් දහයකින් ඉහළ දැමිය යුතු බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

නාඩු වී කිලෝවක් රුපියල් එකසිය විස්සකට හා සම්බා වී කිලෝවක් රුපියල් එකසිය විසිපහකට මිලදී ගැනීමට රජය සැලසුම් කර තිබෙන බවද එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකොන් මහතා සඳහන් කළේය.

පසුගිය කන්නයේදී රජය වී මිලදී ගනු ලැබුවේ මෙම මුදලට බවත්, එහෙත් මෝල් හිමියන් විසින්  නාඩු වී කිලෝවක් රුපියල් 130 කට හා සම්බා වී කිලෝවක් රුපියල් 135 කට මිලදී ගත් බවත්, මේ නිසා රජයට වී ලබාදීමට ගොවින් උනන්දු නොවූ බව පැවසීය.

මේ නිසා රජයේ ගබඩාවලට පසුගිය කන්නයේදී  වී ලබා දී තිබුණේ වී මේට්‍රික්ටොන් හැටක පමණ සුළු ප්‍රමාණයක් බවද සඳහන් කළේය.

මොල් හිමියන් විසින් රජයේ සහතික වී  මිලට වඩා වැඩියෙන් මිලදී ගෙන රජයේ පාලන මිල නාඩු හා සම්බා සහල් ලබාදීම සිදුකළ බවද පැවසීය.

මෙවර කන්නයේදී පොහොර මිල ඉහළ යාම, කෘෂි රසායන මිල ඉහළ යාම  හා සේවක කුලී ඉහළ යාම සිදුව තිබෙන බවත්, මීට අමතරව පෙරේදා (30දා) සිදුවූ ඉන්ධන මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන අස්වනු නෙළන යන්ත්‍රවලට අයකරන මුදල පවා ඉහළ යා හැකි බවත්, පොදුවේ වී ප්‍රවාහනයට අදාළ මුදල පවා ඉහළ යනු ඇති බවද සඳහන් කළේය.

මේ නිසා දැනට පවතින සහල් මිල එලෙසම පවත්වාගෙන යමින් නාඩු සහ සම්බා වී කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ දමන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත්, අදාළ මුදල ඉහළ දැමීමට කටයුතු කළහොත් රජයට මෙවර කන්නයේදී සැලකිය යුතු වී ප්‍රමාණයක් මිලදී ගැනීමට පවා හැකිවන බවද පවසා සිටියේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post