රු. කෝටි දෙකක දුම්වැටි හා විස්කි රේගුවෙන් පන්නන්න බැරි වෙයි

රු. කෝටි දෙකක දුම්වැටි හා විස්කි රේගුවෙන් පන්නන්න බැරි වෙයි

Published on July 02, 2025, 09:41 AM

රුපියල් කෝටි දෙකක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති "හරිත මාවත"  ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් 07/01 දින රාත්‍රී  අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් ව්‍යාපාරිකයන් වන අතර ඔවුන් අතරින් එක් අයෙකු කොළඹ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන්නෙකු වන අතර අනෙක් පුද්ගලයා යටියන්තොට ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි .

ඔවුන් 07/01 දින රාත්‍රී 06.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 10 ක් තුළ විදේශීය නිෂ්පාදිත  "මැන්චෙස්ටර් '' වර්ගයේ දුම්වැටි 116,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 581 ක් සහ ඩුබායි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් මිළදී ගත් විස්කි බෝතල් 117 ක් ද සගවා ගෙන තිබූ බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පැවසූහ .

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post