මුහුදු සීමාව උල්ලංඝණය කරන ඉන්දීය ධීවරයින් දිගටම අල්ලනවා

මුහුදු සීමාව උල්ලංඝණය කරන ඉන්දීය ධීවරයින් දිගටම අල්ලනවා

Published on July 02, 2025, 06:51 PM

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වුවහොත් අත්අඩංගුවට ගැනීම් දිගටම සිදුකරණ බවත් . යාත්‍රා රාජසන්තක කරණ බවත්  ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය සදහන් කරයි.

'ඉන්දීය ධීවරයින් අනවසරයෙන් ඇතුළුවීම මෙරට  ධීවරයින්ගේ ජීවනෝපායට අහිතකර ලෙස බලපාන බවත් මේ.  මේ පිළිබඳව ඉන්දීය පාර්ශවයටත් දැනුම් දී තිබෙන බවද එම අමාත්‍යංශය නිවෙදනයක් නිකුත් කරමින් සදහන් කළේය.

පසුගිය මාස තුනක කාලය තුළ ඉන්දීය ධීවරයින් සම්බන්ධ කිසිදු ගැටළුවක් ඇති නොවු බවත් එහෙත් මේ වන විට  ඉන්දිය ධිවරයින් නැවතත් මෙරට  මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීම ආරම්භ තර තිබෙන බවද  පෙන්වා දෙයි.

ධීවර ගැටළුව සම්බන්ධයෙන්  රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග  තිබෙන බවත් අත්අඩංගුවට ගැනිම් සදහා   ශිලංකා නාවික හමුදාවට අමතර සම්පත් ලබා දී  නාවික හමුදාව ඉතා දැඩි ලෙස ක්‍රියා කරණ බවද සදහන් කරයි.

මෙරට  සාගර සම්පත් විනාශ කර කරනු ලැබන්නේ  ඉන්දීය ධීවරයින්ගේ රෝලර් බෝට්ටු බවත් මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් මෙරට මුහුද සමුද්‍රයට  දැඩි හානියක් සිදුවිමේ  අවදානමක් පවතීන බවද  සදහන් කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය 30 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්,මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) නාවික හමුදාව  අත්අඩංගුවට ගෙන ඇත.

මේ අනුව මේ වසරේ ගෙවිගිය කාලය තුලිදි ඉන්දීය ධීවර යාත්‍රා 22ක් හා ඉන්දීය ධීවරයන් 166ක් අත්අඩංගුවට ගෙන තිබේ

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post