
Published on July 02, 2025, 08:19 PM
පසුගිය වර්ෂයේ පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට මේ වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවැනි වටයේ අභියාචනා භාර ගැනීම ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
දෙවැනි වටයේ අභියාචනා අයදුම්පත් අද (03) සිට මේ මස 17 දින දක්වා ඔන්ලයින් ක්‍රමවේදයට යොමු කළ යුතු බවද පෙන්වා දෙයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස පාසල් 3ක් සඳහා(උපරිම)අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජුව ම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද පවතී.