ශ්‍රී ලංකාවට ලකුණු 77ක ජයක් - වනිඳු සුවිශේෂි කඩඉමක් පසු කරයි

ශ්‍රී ලංකාවට ලකුණු 77ක ජයක් - වනිඳු සුවිශේෂි කඩඉමක් පසු කරයි

Published on July 02, 2025, 09:44 PM

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 244ක් රැස් කළේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක චරිත් අසලංක ලකුණු 106ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් ලකුණු 47ට කඩුලු 4ක් සහ ටන්සිම් හසන් ශකීබ් ලකුණු 45ට කඩුලු 3ක් බිඳ හෙළුවේය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 35යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 167ක් පමණී.

හුදෙකලා සටනක නිරත වූ ජාකර් අලි පන්දු 64දී ලකුණු 51ක් රැස් කළේය.

පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 10ට කඩුලු 04ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 03ක් බිඳ හෙළීමට සමත් විය.

මෙහිදී වනිඳු හසරංග  එක්දින කඩුලු 100 සීමාව පසු කිරීමට ද සමත් විය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post