ලංවිම හිටපු සභාපතිවරයෙකු එකවර ආයතන 2කින් වැටුප් අරන්

ලංවිම හිටපු සභාපතිවරයෙකු එකවර ආයතන 2කින් වැටුප් අරන්

Published on July 02, 2025, 09:04 PM

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු අදාළ තනතුර දරණ කාලයේදී තවත් ආයතනයකින් වැටුප් ලබාගෙන තිබෙන බවත්, ඒ පිළිබඳව අද(02දා)අල්ලස් කොමිසමට පැමිණිලි කළ බවත්, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිධූරය දරණ විට ඔහු රජයේ නිලධාරියෙක් වන බවද, මේ අනුව වෙනත් ආයතනයකින් වැටුප් ලබාගත නොහැකි බවද, එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේය.

මෙය අල්ලස් පනත යටතේ වරදක් වන නිසා ඒ පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ඊයේ (02දා) මෙම පැමිණිල්ල සිදුකළ බව පවසා සිටියේය.අදාළ කාලය තුළදී ඔහු ලංවීම හා පුද්ගලික ආයතනය අතර ගිවිසුමක් ද  අත්සන් කර තිබෙන බවත්, මේ පිළිබඳ තම සංගමය  සතු තොරතුරු අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ බවත්, වැඩිදුර තොරතුරු අදාළ ආයතනවලින් ලබාගන්නා ලෙස ද ඉල්ලා සිටි බව සඳහන් කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post