
Published on July 03, 2025, 07:25 AM
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ පියස්ස මත ඉදිකර ඇති සූර්ය පැනල පද්ධතියේ විදුලිය ජාතික විදුලි පද්ධතියට එක් කිරීම අද (03දා) සිදුවේ.
කිලෝවොට් දහසක(1000) ප්‍රමාණයක් මෙම පද්ධතිය හරහා ජාතික විදුලිබල පද්ධතියට එකතු වීම සිදුවන බවද එම අධිකාරිය සඳහන් කරයි.
මෙම කටයුත්ත ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.