අහිතකර ආහාර වලට අදාළ ගැසට් හතරක් ක්‍රියාත්මක කිරීම කල් යයි

අහිතකර ආහාර වලට අදාළ ගැසට් හතරක් ක්‍රියාත්මක කිරීම කල් යයි

Published on July 02, 2025, 07:41 PM

2024 වර්ෂයේ ජනවාරි මස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සෞඛ්‍යයට අහිතකර ආහාර සඳහා නව නීති පනවමින් නිකුත් කළ ගැසට් නිවේදන 4 ක් ක්‍රියාත්මක කිරීම සිව්වැනි වරටත් කල්දමා තිබේ.

‍ඒ අනුව දියර ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය, ආහාරවල අඩංගු අහිතකර මේද ප්‍රමාණය, ලුණුවල අඩංගු අයඩීන් ප්‍රමාණය සටහන් කිරීම සහ ආහාර ප්‍රවර්ධනය සම්බන්ධ සීමාවලට අදාළ මෙම ගැසට් නිවේදන ක්‍රියාත්මක කිරීම ලබන වසරේ ජනවාරි මස දක්වා කල් දමා ඇත.

මේ පිළිබඳ 'අද' ට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කර සිටියේ මාස 6 බැගින් තෙවරක් කල් දැමූ අදාළ ගැසට් නිවේදන ඊයේ (01දා) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද සමාගම්වල ඉල්ලීම මත මෙලෙස ඉදිරි මාස හයක් සඳහා කල් දමා ඇති බවයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post