ඔක්කම්පිටිය ඕඅයිසී අල්ලස් දැලේ

ඔක්කම්පිටිය ඕඅයිසී අල්ලස් දැලේ

Published on July 29, 2025, 08:04 PM

ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ආර් සුමුදු ප්‍රසන්න මහතා (29) වෙනිදා රුපියල් හතළිස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් කොමිෂන් සභාවට නිරන්තරයෙන් ලැබුණු තොරතුරු මත අල්ලස් කොමිසමේ නිලධාරියෙකු වැලි ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් ලබා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටි අතර ඒ සඳහා රුපියල් හතළිස් දහසක මුදලක් ඉල්ලා තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අද සවස එම මුදල පොලිස් ස්ථානාධිපති වරයා ශාරීරික අභ්‍යාසයේ යෙදෙමින් පාගමනින් යන අතරතුර පේරගස් මණ්ඩිය අසලදී එම අදාල මුදල ලබාගෙන ඇති අතර ඒ අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post