සෙංකඩගල ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර අද

සෙංකඩගල ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර අද

Published on July 29, 2025, 07:36 AM

සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතය.

අද පස්වරු 6.46 ට යෙදෙන සුබ මුහුර්තියෙන් උතුරු දිශාභිමුඛව සිව් මහා දේවාලවලින් පෙරහර පිටත්ව සිරිත් පරිදි ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණීමෙන් පසු රාත්‍රී 7.05 ට යෙදෙන සුබ මුහුර්තියෙන් උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පැමිණ පන්සල පාරෙන් ඉහළට පැමිණ දේව වීදිය කොළඹ වීදියට පැමිණ යටිනුවර වීදියන් රජ වීදියට හැරී ඉහළට විත් පෙරහර ගෙවදීමට නියමිතය.

මෙම පෙරහර කුඩා ළමුන්ට පෙන්වීමෙන් එම කුඩා දරුවන්ගේ වස් දොස් අපල නැතිවෙන බවට මතයක් පවතින බැවින් කුඩා දරුවන් විශාල වශයෙන් පෙරහර පෙන්වීමට දෙමව්පියන් විසින් රැගෙන ඒම සිරිතකි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post