ඉහළ කොත්මලා ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි

ඉහළ කොත්මලා ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි

Published on August 03, 2026, 03:16 PM

ඉහළ කොත්මලා ජලාශයේ වාන් දොරටු තුනක් අද  (03) විවෘත කිරීමට පියවර ගෙන තිබේ.ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයේ පවතින දැඩි වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු පහෙන් තුනක් විවෘත කිරීමට එහි ඉංජිනේරුවන් පියවර ගෙන තිබේ.

තවදුරටත් වර්ෂාව පතිත වුහොත් ඉතිරි වාන් දොරටු ස්වංක්‍රිය විවෘත විය හැකි බැවින් ඒ පිළිබඳව ජලාශයට පහළ ප්‍රදේශයේ ජනතාව අවදානයෙන් පසුවන ලෙසත් කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් ඊට පහළ ප්‍රදේශයේ ජනතාව අවදානයෙන් සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණය ඒකකය  ඉල්ලා සිටී.

කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් සෙන්ට්ක්ලෙයාර් හා ඩෙවොන් දිය ඇලි සක්‍රිය වී සුන්දර ලෙස කඩා හැලෙමින් පවතී.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post