
Published on August 02, 2026, 01:52 PM
රාගම ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව 246/කැන්දලියද්ද පාළුව - බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව - උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහා පැනවූ ඇඳිරි නීතිය මෙසේ ඉවත් කර තිබේ.
ඊයේ (01) මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රාගම ග්‍රාම සේවා වසම් තුනක් සඳහා පොලීසිය පොලිස් ඇඳිරිනීතිය පැනවීමට පියවර ගනු ලැබීය.