වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අල්ලයි

වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අල්ලයි

Published on August 03, 2026, 07:42 AM

ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධයන්හි වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු සහ අපරාධයට ආධාර අනුබල දුන් කාන්තාවක් 2026.08.02 දින මිහින්තලය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අපරාධ සඳහා භාවිත කළ ජංගම දුරකථන 02 ක්, ගමන් බෑගයක්, අපරාධ සිදුකිරීම වෙනුවෙන් සැකකරුට ලබා දී තිබූ බවට සැකකරන රුපියල් ලක්ෂ 280,000/= ක (දෙලක්ෂ අසූදාහක) මුදල බැංකු ගත කරන ලද ගිණුම් වලට අදාල ATM කාඩ්පත් 02  ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අවුරුදු 47 ක් වන මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර  සැකකාරිය අවුරුදු 35 ක් වන පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම අපරාධයේ යතුරුපැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරු 2026.07.26  දින මිරිහාන පොලිස් වසමේ දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන  මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු 2026.08.02 දින නවගම්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අපරාධ සඳහා වෙඩික්කරුවන්ට කාර් රථය ලබාදී ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. සැකකරු අවුරුදු 18 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post