රුසියාවේ තෙල් පිරිපහදු දෙකකට පහර දුන්නා

රුසියාවේ තෙල් පිරිපහදු දෙකකට පහර දුන්නා

Published on August 06, 2026, 04:21 PM

රුසියාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට පහරදුන් බව යුක්රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි.

සමාජ මාධ්‍ය සටහනකින් ඔහු පවසන්නේ යුක්රේනයේ ආරක්ෂක හමුදා යාරොස්ලාව් හි ස්ලාව්නෙෆ්ට්-යානොස් පිරිපහදුවට සහබෂ්කෝර්ටෝස්තානයේ බෂ්නෙෆ්ට්-නොවොයිල් පිරිපහදුවට පහර දුන් බවයි.

යාරොස්ලාව් ආණ්ඩුකාර මිහායිල් එව්රෙව් පවසන්නේ කලාපයට පහර දෙන යුක්රේන ඩ්‍රෝන යානා විනාශ වී ඇති නමුත් සුන්බුන්වැටීමෙන් නිවාස තුනක් ගිනිගෙන ඇති බවයි.

කළු මුහුදේ රුසියාවේ සෙවනැලි බලඇණියේ හමුදා මුර සංචාර බෝට්ටු දෙකක් සහ යාත්‍රා දෙකකට පහර දුන් බව සෙලෙන්ස්කිපවසයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post